Nokia ජංගම දුරකථන බාවිතාකරන ඔබට ප්‍රයෝජනවත් මෘදුකාංගයක් “nokia video converter"

Nokia Video Converter කියන්නේ Nokia දුරකථන සදහාම නිමැවූ අපූරු converting මෘදුකාංගයක්. AVI, MPEG, WMV.MOV, RM, හා VOB වැනි තවත් ජනප්‍රිය video formats බොහොමයක් සදහා මෙම අපූරු මෘදුකාගය සහය දක්වනවා. වීඩියෝ file එකක් තවත් වීඩියෝ file එකකට convert කරගන්නවා වගේම video එකක් MP3, WAV හෝ M4A වැනි Audio file එක්ක ලෙසින් convert කරගැනිමටත් මෙම මෘදුකාංගය මගින් ඔබට ඉඩකඩ සලසා දී තිබෙනවා. ඒ වගේම මෙම මෘදුකාංගය ඉතා වේගවත්ව බැවින් කාලය ඉතිරි කරගනිමින් ඉතා පහසුවෙන් හා ඉහල ගුණාත්මකභාවයකින් යුතුව ඔබේ Nokia ජංගම දුරකථනය සදහා video convert කරගන්නට ඔබට පුළුවන්.
item1 Nokia ජංගම දුරකථන බාවිතාකරන ඔබට ප්‍රයෝජනවත් මෘදුකාංගයක් Nokia Video Converter
නොබෝදා දිනක මෙම මෘදුකාංගයේ නවතම සංස්කරණය හදුන්වා දෙනු ලැබූ අතර  නව විශේෂාංග රැසක් මෙම නව සංස්කරණය සමගින් ඔබට හදුන්වා දී තිබෙනවා. නවතම Nokia Lumia 1020 ජංගම දුරකථනය ඇතුළුව Nokia දුරකථන 100 කට වැඩි සංක්‍යාවක බාවිතා වන විවිද video formats සදහා මෙම මෘදුකාංගය සහය දක්වනවා.
item5 Nokia ජංගම දුරකථන බාවිතාකරන ඔබට ප්‍රයෝජනවත් මෘදුකාංගයක් Nokia Video Converter
ඔබට අවශ්‍ය වීඩියෝව convert කරගැනීමට පෙරාතුව එම වීඩියෝවෙහි ඇති අනවශ්‍ය කොටස් ඉවත් කර හෝ වීඩියෝවක ඇති කොටසක් පමණක් තෝරාගෙන convert කරගැනීමට මෙන්ම අවශ්‍ය නම් විවිද effects පවා එක් කරගැනීමටත් මෙම මෘදුකාංගය මගින් ඔබට ඉඩකඩ සලසා දී තිබෙනවා.
edit video Nokia ජංගම දුරකථන බාවිතාකරන ඔබට ප්‍රයෝජනවත් මෘදුකාංගයක් Nokia Video Converter
Nokia Video Converter Pro මෘදුකාංගයේ මිළ $19.95 ක් වන අතර මෙහි free version එකකුත් “Free Nokia Video Converter Factory” නමින් මෙම මෘදුකාංගය නිර්මාණය කල WonderFox Soft ආයතනය විසින් ඔබට හදුන්වා දී තිබෙනවා.  $19.95 ක් වටිනා Nokia Video Converter Pro මෘදුකාංගය නොමිලේ ලබාගැනීමට අවස්තාවක් ඉදිරියේදී ඔබට ලැබෙන අතර ඒ පිලිබදව ඔබව දැනුවත් කිරීමට අප සුදානම්.

0 අදහස්: