Ios සහ android වලට games හදන්න ආරම්භ කරන්නේ කොහොමද?


ඔබ සුදානම්ද මීළඟ ජනප්‍රියම mobile game එක නිර්මාණය කරන්න? එසේනම් මම අද සුදානම් වන්නේ ඔබට ඒ ගැන උපදෙස් කිහිපයක් ලබා දෙන්නයි.Ask a Dev වීඩියෝ වැඩසටහන් මාලාවෙන් කතා බහ වෙන්නේ, iOS සහ Android platforms වලට mobile games නිර්මාණය කිරීමට ඔබ ආරම්භ කරන්නේ කෙලෙසද යන වගයි.

iOS architect කෙනෙක් වන Conrad Stoll විසින් පැහැදිලි කරමින් කියා සිටින්නේ ඔබ development framework එක තොර ගත යුත්තේ ඔබ නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන platform ( iOS හෝ Android) එක මත බවයි. ඇතැම් frameworks iOS සහ Android යන platform දෙකටම support කරන බවත් ඇතැම් frameworks එක platform එකකට පමණක් support කරන බවත් ඔහු මෙහිදී පැහැදිලි කර සිටිනවා.
තව දුරටත් Stoll විසින් iOS 7 හි dynamic type පිලිබඳ කරුණු මෙහිදී පවසා සිටිනවා. මෙම විශේෂාංගය තුලින් පරිශීලකයාට හැකියාව තිබෙනවා apps වල පෙන්නුම් කරන text size එක වෙනස් කිරීමට.
“All the new changes to typography in iOS 7 really mean that there’s a lot more flexibility for developers and designers,”. “But with the increased flexibility, there’s still more work that you have to do to make the best use of these features.”
Ask a Dev YouTube channel තුලින් ඔබට මේ හා සම්බන්ධ වැඩි දුර තොරතුරු හා වීඩියෝ වැඩසටහන් නැරඹීමට හැකියාව තිබෙනවා.





0 අදහස්: