Bootable Pen Drive එකක් හදාගන්න හැටි



අපි මේ ලිපියෙදි Bootable Ubuntu තියෙන Pen drive එකක් හදාගන්න හැටි බලමු(මේ විදිහට ඔයාලට ඕනෙනම් Ubuntu විතරක් නෙමේ Debian ,Mint,Fedora හා Windows 7/8 වුනත්  එකකට දාලා හදාගන්න පුලුවන්).මුලින්ම කරන්න ඕනෙ Ubuntu Download කරගන්න එක සාමාන්‍යයෙන් (1GB) විතරවෙනවා. දැන් ඔයාලට මේ වැඩේට තව ඕන කරනවා 1GB විතර Pen එකක් හා Universal USB Installer කියන Software එක .

Universal USB Installer මෙතනින් බාගන්න

Ubuntu මෙතනින් බාගන්න

1 පියවර :-
මුලින්ම Universal USB Installer එක Download කරාම ලැබුණ  File එක Open කරන්න.ලැබෙන Window  එකේ Agree Button එක Click කරන්න.
2 පියවර :-
දැන් ලැබෙන ඉහළින්ම තියෙන Drop Down List එක පාවිච්චි කරලා ඔයාලා දාන්න යන Operating System එක තෝරගන්න.

3 පියවර :-
Brows Button එක මගින් මීට පෙරදී Download කරගත් Ubuntu iso File එක ලබාදෙන්න.
4 පියවර :-
USB Flash Drive එක තෝරන්න.Create Button එක Click කරන්න.
5 පියවර :-
මීලඟට ලැබෙන Window එකේ Yes Click කරන්න.
6 පියවර :-
මොහොතක් රැඳීසිටින්න.පහත ඇති Screen එක ලැබීලා තියෙනවානම් ඔයාලට Setup එක Close කරලා USB Pen Drive එක ගලවන්න පුළුවන්.දැන් Bootable Pen Drive එක ලෑස්තියි.

0 අදහස්: